Sinhabahu Drama by Prof. Ediriweera Sarachchandra

Sinhabahu Drama | සිංහබාහු නාට්‍යය

Reading Time: 5 minutes
5/5 - (24 votes)

Sinhabahu Drama, first performed in Peradeniya on August 31, 1961, is a creation of Hela’s great dramatist, Professor Ediriweera Sarachchandra, who contributed many great works to the Sri Lankan art scene. He began his journey as a playwright by composing the play Sinhabahu (1961), which is considered to be his best work. The play is based on a historical legend and is considered a masterpiece of Sinhalese literature and theater.

Sinhabahu” combines traditional Sinhalese theater forms, such as kolam and nadagam, with a modern narrative structure. It has been praised for its vivid characters, intricate dialogues, and exploration of cultural and societal themes. The play has been performed many times over the years and has left an indelible mark on the Sri Lankan theatrical landscape. The drama delves into themes of human-animal conflict and the intricacies of familial relationships.

වර්ෂ 1961 අගෝස්තු මස 31 වැනි දින ප්‍රථම වරට පේරාදෙණියේ දී රංගගත වුණු සිංහබාහු නාට්‍යය, ශ්‍රී ලංකේය කලා කෙතට විශිෂ්ට නිර්මාණ රැසක් එක් කළ හෙළයේ මහා නාට්‍යකරු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි. සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ.

මනමේ නාට්‍යයෙන් හෙළ කලා කෙතේ මුල් බිජුවට වැපිරූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු තුලින් එහි අග්‍රගන්‍ය ඵල නෙලා ගන්නට සමත් විය. වර්ෂ 1961 අගෝස්තු මස 31 වෙනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ප්‍රථම වරට රංගගත කළ සිංහබාහු සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම දෘශ්‍ය කාව්‍ය ලෙසින් ප්‍රේක්ෂක සහ විචාරක දෙපිරිසේම සම්භාවනාවට පාත්‍ර විය.

සමස්තයක් වශයෙන් ගත් කළ බුද්ධි මහිමයෙනුත්, නිර්මාණ කෞශල්‍යයෙනුත් අසමසම ප්‍රතිභාවෙනුත් සකල කලා පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති අපේ සංස්‌කෘතික විඥනය අතැඹුලක්‌ සේ ග්‍රහණය කරගත් සරච්චන්ද්‍රයන්ගේ මෙම අසමසම දෘශ්‍ය කාව්‍යය වූ සිංහබාහු අද පවා සිංහල නාට්‍ය වංශයේ සදා තාරුණ්‍යයෙන් හෙබි කලා කෘතිය බැව් සඳහන් කිරීම වටී.

Related Post: Maname Drama by Prof. Ediriweera Sarachchandra

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පිළිබඳව (About Professor Ediriweera Sarathchandra)

වර්ෂ 1914 ජුනි 03 දින දකුණු පළාතේ රත්ගම දොඩන්දුව ගමෙහි උපත ලැබු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජ විවේචකයෙක් ද වන්නේය. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතන සරසවිය ‍වෙත ගියේය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දේශීය නාට්‍ය කලාවේ හා විචාර කලාවෙහි මංපෙත් විවර කල අතර නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශය සැපයු බව නොරහසකි. එතුමා විසින් මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය වැනි නවකතා කිහිපයක්ද, මනමේ, සිංහබාහු (Sinhabahu Drama), පේමතෝ ජායතී සෝකෝ, පබාවතී වැනි නාට්‍ය කෘති විශාල ගණනක් ද, කල්පනා ලෝකය, සාහිත්‍ය විද්‍යාව වැනි විචාර ග්‍රන්ථ බොහෝ ගණනක් ද, ස්‌වයං චරිතාපදානයක් වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය ද රචනා කළේ ය. ශ්‍රී ලංකේය කලා කෙතට විශිෂ්ට නිර්මාණ රැසක් එක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් භාරතයේ කුමාරන් අශාන් විශ්ව සම්මානයෙන් ද පිලිපීනයේ රැමොන් මැග්සෙසය සම්මානයෙන් ද ජපානයේ ස්වර්ණ රජත සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සිංහබාහු නාට්‍යය පිළිබඳව (About Sinhabahu Drama)

සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහුගේ හොඳම නිර්මාණය ලෙස සැලකෙන සිංහබාහු (1961) නාට්‍ය රචනා කරමින් ඔහු නාට්‍ය රචකයෙකු ලෙස සිය ගමන ආරම්භ කළේය

Sinhabahu Drama

නාට්‍යය: සිංහබාහු
නාට්‍යය රචනය: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ප්‍රධාන චරිත: සිංහයා, සුප්පා දේවිය, සිංහබාහු, සිංහ සීවලී
මුලාශ්‍රය: මහාවංශයේ සඳහන් සිංහල ජාතිය බිහි වීම පිළිබඳ කතා පුවත යි.
මුල් දර්ශණය: 1961 අගෝස්තු 31 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟ මඩලෙහි.

One of the greatest Sinhala theatrical plays written by Prof. Ediriweera Sarachchandra’s “Sinhabahu”

සිංහබාහු නාට්‍යයේ කතාව සැකෙවින් (Sinhabahu Drama Summary)

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව ඉන්දියාවේ වංග දේශයේ රජතුමාගේ දූ කුමරිය වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.

සුප්පා දේවිය, සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ඔවුන් සමග මහ කැලයේ ලෙනකට වී විසු බව ද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය. සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

තම පියා වන සිංහයාගේ ස්වරූපය සහ මව අතර පැහැදිලි වෙනස, වැඩිවියට පත් දරුවන්ට කුතුහලයක් දනවයි. ඔවුහු ඒ පිළිබඳව මවගෙන් තොරතුරු විමසති. සිංහබාහු නාට්‍යයේ එතැන් සිට කතාව දැක්වෙන “ ලෙන අතහැර යෑම ”  මෙහි දෙවන අංකයයි.සිංහබාහු නාට්‍යය යනු ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර වන සදාකාලික ප්‍රතිවිරෝධය මනාව නිරුපණය කරන, එමෙන්ම ආදරය, දාරක ස්නේහය අපුර්ව ආකාරයට දකින ඉතා විශිෂ්ට නාට්‍යයක් ලෙස විචාරකයන් විසින් හදුන්වනු ලැබේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම “වීර” ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.

මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන wangu රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීය. සිංහබාහු විජයගේ පියා වූ අතර සිංහපුර රජු විය. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

සිංහබාහු නාට්‍යයේ තේමාත්මක කතා පුවත මහාවංශයේ සඳහන් සිංහල ජාතිය බිහි වීම පිළිබඳ කතා පුවත යි. මෙම කතාවේ විශේෂත්වය වන්නේ සිංහබාහු කුමාරයා යනු අපේ රටේ පළමූ රජතුමා  ලෙස සැලකෙන විජය රජුගේ පියාණන් වීමය. සිංහබාහු ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයකි. එහි රසෝද්දීපනය සඳහා උපයුක්ත ගීතවත් බස් වහර ඔස්සේ සරච්චන්ද්‍ර නම් අසහාය ගීත ප්‍රබන්ධකයා ද රසිකයාට මුණගැසෙයි. දශක පහක් තිස්සේ රංගගත වන සිංහබාහු නාට්‍යය ශ්‍රී ලාංකේය නාට්‍ය වංශකතාවේ ප්‍රබල සන්ධිස්ථානයකි.

Information Source: wikipedia (Educational Purpose)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ

නාට්‍යය (Drama)

  • මුදලාලිගේ පෙරළිය 1943
  • කපුවා කපෝති 1945
  • හැංගි හොරා 1949
  • බහින කලාව 1951
  • වලහා, මඟුල් ප්‍රස්තාව සහ මැනේජර් 1951
  • පබාවතී 1952
  • වෙද හටන 1953
  • රත්තරන් 1954
  • මනමේ (Maname) 1956
  • කදා වළලු 1958
  • එලොව ගිහින් මෙලොව ආවා 1959
  • හස්ති කාන්ත මන්තරේ – 1960
  • වෙල්ල වැහුම් – 1960
  • ඒකට මට හිනා හිනා – 1961
  • සිංහබාහු (Sinhabahu Drama) – 1961
  • පේමතෝ ජායතී සෝ කෝ – 1969

නවකතා (Novels)

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

කෙටි කතා (Short Stories)

  • කාලයාගේ ඇවෑමෙන් (1969)
  • මායං රූපය (1974)
  • රූප සුන්දරී (1984)
  • මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993)
  • රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970)
  • මිතුරෙකුගේ මරණය (1981)

ගවේෂණ (Research)

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top