Premayen Mana Ranjithawe Lyrics

Premayen Mana Ranjithawe Lyrics

Reading Time: 3 minutes
5/5 - (14 votes)

Premayen Mana Ranjithawe from the stage play Maname is a very popular song that reflects love. The great dramatist Prof. Ediriweera Sarachchandra’s play Maname Drama was performed for the first time on November 3, 1956, at Lionel Wendt in Colombo. Maname, considered the first modern drama in Sri Lanka, is based on local traditions such as ‘Naadagam’ and ‘Kolam’, inspired by Chinese operas, Japanese Kabuki, and Indian folk dramas.

හෙළයේ මහා නාට්‍යකරු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය, 1956 නොවැමබර් මස 03 වැනි දින ප්‍රථම වරට කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී රංගගත විය. මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍ර ශූරීනාගේ මනමේ වේදිකා නාට්‍යයේ එන ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතය ප්‍රේමය පිළිඹිඹු කරන ඉතා ජනප්‍රිය ගීතයකි.

Related Post: Maname Drama | මනමේ නාට්‍යය

Image credit goes to its respective owners (Educational Purpose)

Premayen Mana Ranjithawe Lyrics – ප්‍රේමයෙන් මන රංජිත වේ ගේය පද

මනමේ වේදිකා නාට්‍යයේ එන ප්‍රේමයෙන් මන රංජිත වේ (Premayen Mana Ranjithawe) ගීතය ලොව සෑම සත්වයෙකුටම පොදු සාධකයක් වූ ප්‍රේමය පිළිඹිඹු කරන ඉතා ජනප්‍රිය ගීතයකි. නාට්‍යයේ එන මේ ගීතය මනමේ රසිකයන් මෙන්ම නැරඹූ නැති අයත් අතර සුප්‍රසිද්ධයි.

විටක ප්‍රේමය අයිතිකර ගනු වස් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සටන් බිමට අවතීර්ණ වනුයේ ද එබැවිනි. ප්‍රේමය ගැන කතා කළද ප්‍රේමයේදී ස්ත්‍රීයක් බලාපොරොත්තු වනුයේ කවර පුරුෂයෙක් ද? එහිදී ස්ත්‍රීයකගේ සැබෑ සිතිවිලි ක්‍රියාත්මක වන්නේ කෙසේද? ආදරය යනුවෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන කාරණා විවිධ කෝණවලින් බලා විවරණය කරන කලා නිර්මාණ බොහෝ වෙයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ද මනමේ නාට්‍ය නිර්මාණයෙන් ඉස්මතු කර දක්වන්නට උත්සාහ කළේ මෙවැන්නක් ද?

ස්වකීය නැවුම් ප්‍රේමයට ස්වභාවධර්මයෙන් ලැබෙන ආශිර්වාදය විඳිමින් සිටින ඔවුන්, තම ඉරණම කෙසේ අවසන් වේදැයි මොහොතකට හෝ නො සිතන්නට ඇත. අග්‍රගණ්‍ය කලාකරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ “මනමේ” වේදිකා නාට්‍යයයි. මනමේ වේදිකා නාට්‍යය සිංහල වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන සංධිස්ථානයක් ලෙස අරුත් ගැන්වීම වඩාත් උචිත ය. ඒ මන්ද යත්, මනමේ බිහිවන්නේ සිංහල නාට්‍ය කලාව පිළිබඳ එතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොතිබුණු කාල පරිච්ඡේදයක් තුළ වීමයි.

තව ද මුල් ජාතක කතාවේ එන පරිදි ස්ත්‍රීත්වයේ හුදු චපලත්වයට දෝෂාරෝපණය කිරීම පසෙකලා මනමේ කුමරිය පිළිබඳ අනුකම්පා සහගත දෘෂ්ටි කෝණයකින් තම නාට්‍ය ප්‍රතිනිර්මාණය කරන සරච්චන්ද්‍රයන් හුදෙක් අතීත කතාවට වඩා මානුෂිය ස්වරයක් තම නිර්මාණයට ගැබ්කොට තිබීම විශේෂත්වයකි. නාට්‍යයේ අවසානය පිළිබඳ ප්‍රේක්ෂයාටම තීරණය කිරීමට ඉඩහසර ලබාදීම තුළින් ප්‍රේක්ෂක සිත් සතන් තුළ මනමේ කුමරිය කෙරෙහි සහකම්පනයක් ජනිත කිරීමට මූල බීජය සපයා ඇති ලෙස සිතිය හැක.

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන

Premayen Mana Ranjithawe

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top