Maname Drama Songs Lyrics

Maname Drama Songs | මනමේ නාට්‍යය ගීත

Reading Time: 4 minutes
5/5 - (18 votes)

Maname Drama Songs: Here is the list of popular songs from great dramatist Prof. Ediriweera Sarachchandra’s Maname Drama, which was staged for the first time on November 3, 1956, at Lionel Wendt in Colombo. The musicality of Maname Drama is undoubtedly a major factor in its artistic success. The new stylized dramatic medium with beautiful melodies and choreographed dances was intriguing, if not hypnotic. 

In Sarachchandra’s Maname, he made use of this story for another traditional drama form known as Nadagam, which is operatic throughout with a definite convention and style of its own and, though rooted in the basic conventions of the Kavi Nadagam and Kolam. The fragility of human character, of human relationships, and indeed of human life itself is the dominant undertone in Maname.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය 1956 නොවැමබර් මස 03 වැනි දින ප්‍රථම වරට කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී රංගගත විය. ලොව සෑම සත්වයෙකුටම පොදු සාධකයක් වූ ප්‍රේමය බොහෝ කලා නිර්මාණවල වස්තු බීජය වේ. ප්‍රේමය අලළා ලියවුණු කවි, නවකතා, කතන්දර, චිත්‍රපට හා නාට්‍ය ලොව බොහෝ ඇත. ප්‍රේම කරන්නත්, ප්‍රේමය ලබන්නත් කවුරුත් කැමැතිය. ප්‍රේමයක ආරම්භයත් එහි අවසානයත් කිනම් කලක, කිනම් මොහොතක කිනම් ලෙස විසඳේ ද යන්න අපට කිව නොහැකිය.

එදිරිවීර සරත්චන්ද්‍රයන් මනමේ බිහිකිරීම සඳහා ප්‍රධාන වශයෙන් පන්සිය පනස් ජාතක පොතෙහි එන චුල්ල ධනුද්දර ජාතකය හා ගැමි වහරෙහි එන මනමේ කතාව පාදක කොටගත් බව කියැවේ. චීන හා ජපන් නාට්‍ය සමඟ සැසඳීමට හැකි එකම සිංහල නාට්‍ය ශෛලිය නාඩගම් කලාව බව හඳුනාගත් එතුමන් මෙය සින්දු නාඩගමක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සුක වන්නේ අකිරා කුරොසව විසින් අධ්‍යක්ෂණය කළ “රෂොමොන්” චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ ආභාෂය නිසා බව එතුමා විසින් රචිත “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි පැහැදිලිව සඳහන් කොට ඇත.

එවගේම මහැදුරු සරච්චන්ද්‍රයන් සිය වසර ගණනාවක අධ්‍යයන, පර්යේෂණ හා ගවේෂණ ඔස්සේ අනාවරණය කරගත් ශාස්ත්‍රීය තොරතුරු අනුසාරයන් ජීවමාන නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරන ‘මනමේ’ සම්භාව්‍ය ගණයේ උසස් දෘශ්‍ය කාව්‍ය කෘතියක් ලෙස හුවා දැක්විය හැකිය. 

Related Post: Maname Drama | මනමේ නාට්‍යය

Maname Drama: Image credit goes to its respective owners

මනමේ නාට්‍යය ගීත ගේය පද – Maname Drama Songs Lyrics

01. Premayen Mana Ranjithawe (ප්‍රේමයෙන් මන රංජිත වේ)

නාට්‍යයේ එන මේ ගීතය මනමේ රසිකයන් මෙන්ම නැරඹූ නැති අයත් අතර සුප්‍රසිද්ධයි.

ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන

02. Rusiru Landuni (රුසිරු ළඳුනි)

රුසිරු ළඳුනි – ඔබ ප්‍රේමයෙනා
ඔද වේ මා හද – පෑ සොමි රැස් – කිරි සයුර මෙනා //
විලස ගිරිඳු සහ උමඟන //
සැපසේ රජ කරමු සමගින //

ඔබ වැනි තෙද – පත් නිරිඳුන්ගේ
අග මෙහෙසිය වන්න – මා පින් කල – සැටිය පෙනෙන්නේ //
බරණැස් පුර පිරි යසිසුරු //
ඉවසිලි නැත නරඹන තුරු //

සඳළු තලේ – ඔබ මුව කමලා… //
දුටුවේලේ ඔබ – මා සිත් තුල – සැනින පිවිසුනා //
එ මොහොතේ සිට ඔබ නිරතුරු.. //
පහන වීය මහද මැදුරු //

රුසිරු ළඳුනි – ඔබ ප්‍රේමයෙනා
ඔද වේ මා හද – පෑ සොමි රැස් – කිරි සයුර මෙනා//
විලස ගිරිඳු සහ උමඟන //
සැපසේ රජ කරමු සමගින //

03. Ma We Ma Dutu Komala Liya (මෑ වේ මා දුටු කොමල ලියා)

මෑ වේ මා දුටු කොමල ලියා //
දෙස බලනුය රජතුම චිත්ත වේද නොම සිත
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දේ මෙම ඇවිදින දැක්ක වේලේ සිට මම//
ඇද්ද මේ සදිසි ළඳ සිද්ද වූයේ අරුමද..//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දේ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් ලෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්දා උගේ ගෙල සිඳ පෙන්නමිය බල තෙද ..//

04. Asan ma piya himi (අසන් මා පිය හිමි) | Maname Drama Songs

අසන් මා හිමියනි
බෝසතු විලසා
මා වදනා
මම සවන් කලෙමි නද
මේ රකුසන්ගේ
පැමිණෙනා
මෙවන් රුදු පෙනුම
ඇති මේ යකුන්ගෙන්
හඬ දෙනා බොර
බලන් සොඳේ මග
ගොදුරු නොවී අප
ගැලවිනා

05. Giya waddo (ගියා වැද්දෝ)

ගියා වැද්දෝ නොම විද්දෝ
ඉඩ ලද්දෝ අපි මෙවරා …
ගියා වැද්දෝ නොම විද්දෝ ඉඩ ලද්දෝ අපි මෙවරා …
වෙන්ට අනතුරු කිසි
ගන්ට සිත බිය නිසි
කාරණාව නොම දිසි මෙවෙලේ..
වෙන්ට අනතුරු කිසි
ගන්ට සිත බිය නිසි
කාරණාව නොම දිසි මෙවෙලේ…
ගියා වැද්දෝ නොම විද්දෝ
ඉඩ ලද්දෝ අපි මෙවරා …
වෙන්ට අනතුරු කිසි
ගන්ට සිත බිය නිසි
කාරණාව නොම දිසි මෙවෙලේ…
තව ඇද්දෝ පසු එද්දෝ
බිය නැද්දෝ මෙම ගමනා
තව ඇද්දෝ පසු එද්දෝ
බිය නැද්දෝ මෙම ගමනා
යන්ට සටනට
සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා
යන්ට සටනට
සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා
තව ඇද්දෝ පසු එද්දෝ
බිය නැද්දෝ මෙම ගමනා …
යන්ට සටනට
සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා
යන්ට සටනට
සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top