Maname Drama by Prof. Ediriweera Sarachchandra

Maname Drama | මනමේ නාට්‍යය

Reading Time: 9 minutes
5/5 - (26 votes)

Maname Drama, which was performed for the first time at Lionel Wendt in Colombo on November 3, 1956, was created by the great dramatist, Professor Ediriweera Sarachchandra, who contributed many great works to Sri Lankan art. Since then, the play has had a major impact on Sri Lanka’s visual arts scene. Maname was staged at a time when there was no formal drama tradition in Sri Lanka. Therefore, this play can be considered the birth of drama in the annals of theatrical art in the country.

Maname introduced a new genre to the Sinhala theater: a stylized dramatic medium combined with beautiful melodies and choreographed dances. The saga of Maname would not have been so sweet and bright if not for the fantastic singing, dancing, and acting capabilities displayed by the original cast of talented young men and women. Maname Drama has remained a major living landmark in the Sinhala dramatic scene and an enduring testimonial to the toils, sacrifices, and achievements of its creator and all who assisted him in the pioneering endeavour.

Prof. Ediriweera Sarachchandra’s Maname, considered the first modern drama in Sri Lanka, is based on local traditions such as ‘Naadagam’ and ‘Kolam’, inspired by Chinese operas, Japanese Kabuki, and Indian folk dramas.

The story of Maname

The story of Maname, as found in the folk plays, is as follows:. The son of the King of Benares proceeds to Thaksala, the great centre of learning, and acquires the liberal arts. Being proficient in archery, he is given the title of Danuddhara. The Master of Thaksala, greatly pleased with his pupil, gives him his daughter in marriage. The prince sets out with his consort to go back to Benares.

On the way, they encounter forest dwellers (a group of Veddas) who make an attempt to capture them. And their leader expressed his desire for Princess Maname immediately. Offended, Prince Maname challenges the Vedda King, who stands up to the challenge and establishes his authority by stating that the forest is his kingdom and demands that the Prince leave the forest, leaving the Princess behind. Preparing for the fight, the Vedda King, sends his troops away, stating that he’ll “finish off this fox” and join them.

The prince overcomes them and finally engages in hand-to-hand combat with the forest chief (Veddha King) after giving the sword to his wife. The prince overpowers the forest chief and, while sitting on his chest, bids his wife to give him the sword so that he could cut off the forest chief’s head. The climax of the story is when the Prince overpowers the Vedda King and asks for the sword from the Princess to kill the Vedda. But here, the princess’ opinion doesn’t agree with her husband. 

In the meantime, she has conceived a passion for the forest chief and places the hilt of the sword in the forest chief’s hand and the sheath in her husband’s. The forester kills the Prince and takes the woman with him. Immediately afterwards, the Princess and the Vedda try to deal with the truth. She cries over the dead body of her husband and accuses the Vedda King of killing him, and the Vedda confesses that he didn’t have a choice but to save his life.

As they journey together, she confesses her love. The forester begins to fear that if she kills her husband for his sake, she will probably treat him in the same manner when she meets another man. So, he decides to get rid of her. On the way, they have to cross a stream. The forester tells the woman that he will first wade across with her ornaments and come for her after leaving them in a safe place. After wading across, he abandons her. The woman dies of grief and repentance in the forest.

The Princess was at the centre of the power struggle between the two men, without any direct involvement on her part. “Sarachchandra weaved the story here in a very complex way, where the Vedda and the Prince fight for their honour, being offended by each other’s statements and their feelings for the Princess, whereas the latter remains vulnerable in the face of the fight. The three characters have their own separate thoughts about the situation.

Sarachchandra never wanted to blame the princess for the prince’s death. He has expressly said that he wanted to change the perception of women in the drama, as the Jathaka Story states that women are unfaithful. Unlike in the Jathaka Story, where the Princess was punished at the end, Sarachchandra concludes his play with a heartfelt lamentation by the Princess before she dies of a broken heart.

Throughout the Maname drama, Sarachchandra tries to bring out different facets of women; her love, her kindness, her empathy, her fear, who being misunderstood and labelled unfaithful by the society. Maname was a futuristic drama, and even many years after its production, we are yet to catch up with it.

තක්සලවේ දක්ෂතම සිසුවා වු, බරණැස් පුර රජුගේ පුත් මනමේ කුමරු, ශිල්ප ශාස්ත්‍ර නිමව පිය අණින් යලි මවු රට බලා යන දින, දිසාපමොක් ඇදුරු පුරාණ චාරිත්‍රයට අනුව තම සුන්දර ප්‍රිය දියණිය මනමේ කුමරුට විවාහ කර දෙන්නේ ඔහුට ධනුද්ධර යන ගෞරව නාමයද ප්‍රදානය කරමින්. ඔටුනු හිමි මනමේ කුමරු තම බිසව වූ මනමේ කුමරියත් සමඟ වනය මැදින් යන ගමනේදි කුමරියට සිත් බැඳුණු වැදි රජෙක් සමඟ සටන්කර ඔහු පරාජය කලත්, කුමරියගේ පමාවකින් කඩුව ලබාගන්නා වැදි රජු මනමේ කුමරු මරණයට පත් කරන්නේ තම ජීවිතය බෙරාගැනීමේ අරමුණින්. මනමේ කුමරිය මහ වනය මැද තනි වන්නේ වැදි රජ හැර වෙන අන් සරණක් නොමැතිවයි. එසේ වැදි රජුගේ හිමගිරි අරණට යන ගමනේදී කුමරියගෙ චාටු බස් හා පුරසාරම් වලින් කැළඹෙන වැදි රජ, කුමරිය මහ වනය මැද අතරමං කර යන්නේ සෝතැවුල් හා මරණය පමණක් ඇයට ඉතුරු කරමින්.

පියාණන්ගේ ආදරය යටතේ හැදුණු වැඩුණු කුමරියත් තක්සලවේ රැකවරණය යටතේ ශිල්ප හැදෑරූ කුමරුත් මුලින්ම සමාජගත වෙන්නේ සිය විවාහයෙන් අනතුරුවයි. ජීවිතයේ ඇති බැරෑරුම් බව දැනෙන්නට තරම් කාලයක් මේ දෙදෙනාටම තිබී නෑ. ඒ කෙසේ වුවත් අලුතින් ජීවිත ආරම්භ කරන අවස්ථාවේදි  ආදරයෙන් බැඳුණු සිත් වලට දැනෙන හැඟෙන සිතුවිලි මහ වනයක වුව අති බියකරු බව මකා දමාවි, මුලු ලොවම සැණකෙලි ස්වරූපයෙන් දිස් කරවාවි, සියලු ප්‍රශ්න ඉවත දමාවි.

නූතන සංකීර්ණතා සමඟ සසඳද්දී  නම් ඉතාමත් සරල සිදුවීම් වටා මනමේ කතාව ගෙතී අති බවක් පෙනේවි, නමුත් එයින් සමාජට දෙන පණිවිඩය නම් ප්‍රබලයි.

Related Post: Sinhabahu Drama by Prof. Ediriweera Sarachchandra

Image credit goes to its respective owners (Educational Purpose)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (Professor Ediriweera Sarathchandra)

වර්ෂ 1914 ජුනි 03 දින දකුණු පළාතේ රත්ගම දොඩන්දුව ග්‍රාමයේ උපත ලැබු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, විචාරකයෙක්, නිබන්ධකයෙක් ද වන්නේය. මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ සරසවියෙන් පිටවුයේ ගෞරව උපාධිය සහිතවය. 1939 වර්ෂයේ දී අයිලීන් බෙලන් සමඟ විවාහ වු හෙතෙම ඉන් අනතුරුව ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට රවින්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ශාන්ති නිකේතනය ‍වෙත ගියේය.

සරච්චන්ද්‍රයන් විසින් දේශීය නාට්‍ය කලාවේ හා විචාර කලාවෙහි මංපෙත් විවර කල අතර නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශය සැපයු බව නොරහසකි. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය වැනි නවකතා කිහිපයක්ද, මනමේ (Maname), සිංහබාහු (Sinhabahu), පේමතෝ ජායතී සෝකෝ, පබාවතී වැනි නාට්‍ය කෘති විශාල ගණනක් ද, කල්පනා ලෝකය, සාහිත්‍ය විද්‍යාව වැනි විචාර ග්‍රන්ථ බොහෝ ගණනක් ද, ස්‌වයං චරිතාපදානයක් වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය ද එතුමා විසින් රචනා කළේ ය. ශ්‍රී ලංකේය කලා කෙතට විශිෂ්ට නිර්මාණ රැසක් එක් කළ එදිරිවීර සරච්චන්ද්‍රයන් භාරතයේ කුමාරන් අශාන් විශ්ව සම්මානයෙන් ද පිලිපීනයේ රැමොන් මැග්සෙසය සම්මානයෙන් ද ජපානයේ ස්වර්ණ රජත සම්මානයෙන් ද පිදුම් ලැබීය.

වර්ෂ 1956 නොවැමබර් මස 03 වැනි දින ප්‍රථම වරට කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී රංගගත වුණු මනමේ නාට්‍යය ශ්‍රී ලංකේය කලා කෙතට විශිෂ්ට නිර්මාණ රැසක් එක් කළ හෙළයේ මහා නාට්‍යකරු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි. සරච්චන්ද්‍රයෝ තම නාට්‍ය තුළින් විශ්ව සාධාරණ බෞද්ධ සාරධර්ම පදනම් කරගත් එහෙත් නාට්‍ය කලාවේ සීමා ඉක්ම නොගියා වූ රසවත් හරවත් දෘශ්‍යතාවය කලාවක් බිහි කිරීමේ පුරෝගාමියා වූහ.

දේශීය නාට්‍යය කලාවක් ගොඩ නෑගීමේ ප්‍රයත්න දැරූවන් අතර මුල් තැනක් ගත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, පර්යේෂණාත්මක සහ එමෙන්ම දේශීය සම්ප්‍රදායයක් ගොඩ නැගීමේ අරමුණක් පෙරදැරි කොට ගත්, ලාංකීය නාට්‍ය කලාව තුල සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයයි, මනමේ. සරච්චන්ද්‍ර එළිමහන් රඟහල අද දක්වාම සරසවිය හා පොදු ජනයා එක්වන කේන්ද්‍රස්ථානයකි. පේරාදෙණි සරසවිය තුළින් බිහිවූ සාහිත්‍ය කලා නවෝදයේ මංගල අවස්ථාව මනමේ බිහිවීම ය.

සරච්චන්ද්‍රයන් ශාස්ත්‍රඥයෙක් ලෙස මෙරට ජන විඥානය හඳුනාගෙන නිර්මාණය කළ මනමේ නාට්‍යය ශ්‍රී ලාංකේය ජන චිත්ත සන්තානයේ සදාකල් ලැඟුම් ගත් අපේ උරුමයකි. මනමේ කුමාරයාත්, වැදි රජුටත් මැදි වූ මනමේ කුමරිය හරහා සරච්චන්ද්‍රයන් ස්ත්‍රීය පිළිබඳව හෙළනා මානවාදී දෘෂ්ටිය ප්‍රේක්ෂකයාට අදටද වටහාගත නොහැකිය. වර්තමාන හා අනාගත පරම්පරාවට විනෝදාස්වාදය පමණක් නොව බුද්ධි කලම්බනයද සිදු කරන මනමේ නාට්‍ය (Maname Drama) වසරින් වසර වයසින් මුහුකුරා ගියද තවත් චිරාත්කාලයක් මෙරට කලා ලෝකයත්, සහෘද සිත සතන් රසවින්ඳයෙන්, තර්කනයෙන් හා චින්තනයෙන් පෝෂණය කරනු ඇති.

මනමේ නාට්‍යය පිළිබඳව (About Maname Drama)

Maname Drama

නාට්‍යය: මනමේ
නාට්‍යය රචනය: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ගේය පද: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
රංග තාල: චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ
තනු: ජයන්ත අරවින්ද
මුලාශ්‍රය: චුල්ල ධනුද්ධර ජාතකය
මුල් දර්ශණය: 1956 නොවැමබර් 03 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී.

සරච්චන්ද්‍රයන් 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. මනමේ ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුද්ධර ජාතකයයි.

මනමේ කුමරු, මනමේ කුමරිය, වැදිරජු, රාජගුරු, පොතේගුරු යන චරිත වටා ගෙතී යන මෙම කතාංගයේ මුල් නළු නිළියන් ලෙස බෙන් සිරිමාන්න (මනමේ කුමරු), ට්‍රිලීෂියා අබේකෝන් (මනමේ කුමරිය), එඩ්මන් විජයසිංහ (වැදිරජු), හා ශ්‍යාමන් ජයසිංහ (පොතේගුරු) ස්වකීය රංග ප්‍රතිභාව විදහාපාමින් මනමේ නාට්‍යය ප්‍රෙක්ෂක හදවත් කරා ගෙන ගියහ. එදා පටන් මේ දක්වා විවිධ කාලවකවානුවලදී විජය නන්දසිරි, කුමාරි මැණිකේ, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, චම්පා බුද්ධිපාල, හේරත් විජේබණ්ඩාර හා සනත් විමලසිරි යන විශිෂ්ට රංගන ශිල්පීන් විසින් එකී චරිතවලට පණ පෙවූහ.

1956 නොවැම්බර් මස 03 දින කොළඹ ලයනල් වෙන්ට් රංග ශාලාවේදී මනමේ කළ එළි දැක්ම සිදුවිය. ඒ පනස් දෙනෙකුටත් අඩු ස්වල්ප ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙනි. 50 දශකයේ අග භාගයේ පටන් පුරා සිව්සැට වසරකට ආසන්න කාලයක් අතිමහත් ප්‍රේක්ෂක ජනාදරයක් සහිතව ප්‍රදර්ශනයට ලක් වූ මනමේ, අනාගත පරපුර උදෙසා චිරාත් කාලයක් තවදුරටත් ජීවමානව වේදිකාගතවනු ඇත.

Maname Drama Summary (මනමේ නාට්‍යයේ කතාව සැකෙවින්)

දිසාපාමොක් ඇදුරිදු සමීපයේ ශිල්ප උගන්නා මනමේ කුමරු, ඇදුරිදුගේ දක්ෂතම ශිෂ්‍යයායි. කුමරිය කෙරෙහි නොපළ ප්‍රේමයකින් පසුවන කුමරු, ශිලප හදාරා අවසානයේ දිසාපාමොක් ඇදුරිදු විසින්, සිය දූ කුමරිය, කුමරුට සරණ පාවා දීමට ගන්නා තීරණයත් සමඟම ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. සිය පියාණන්ගේ සිත නොතළා, දිවි ගෙවන බවට ප්‍රකාශ කරන කුමරියද, මනමේ කුමරු කෙරෙන් ස්වාමීත්වය ලබන්නට රුචි කරන්නීය. දෙපාර්ශවයේම කැමැත්තෙන් විවාහයට පත් වන නව යුවළ, බරණැස් නගරය බලා පිටත් වෙති.

සියල්ල නොසිතූ අයුරින් වෙනස් කළ සිදුවීම් රැසක් සිදුවන වන අරණකට ඔවුන් දෙදෙනා පිවිසෙන්නේ මේ ගමනේදීය. කුමරාත් කුමරීත් වනයේ සිරි නරඹමින් ප්‍රේමයෙන් ඔකදව ගමන් කළත්, වනයේ ඇති භයංකර භාවය, කුමරිය විටෙක බියට පත් කරයි.

වනයේ ආගන්තුකයින් වූ මනමේ කුමරාත්, කුමරියත් වැදි දෙටුවන්ගේ ඇස ගැටෙන්නේ මේ මොහොතේ දී ය. කුමරියගේ රූප ශ්‍රියාව දකින ඔවුහු සිය රජුනට සුදුසු බිසව මේ යැයි තීරණය කොට එපවත් වැදි රජුට දන්වති. කුමරිය අත ගැනීමේ අභිප්‍රායයෙන් මනමේ යුවළ ඉදිරියට එන වැදි රජු, කුමරිය වනයේ තබා වනයෙන් පිටවන ලෙසට කුමරුට අණ කරයි. කෝපයට පත් වන කුමරු හා කුමරිය කෙරෙහි ලොබ බැදි වැදි රජු අතර ද්වන්ද සටන ඇරඹෙන්නේ මේ වාග් ප්‍රහාර වලින් අනතුරුවය.

සටනින් වැදි රජු පෙරළා බිම හෙළන කුමරු, ඔහු මරා දැමීමට කුමරියගෙන් කඩුව ඉල්ලයි. මෙහිදී කුමරිය වැදි රජු මරා දැමීම පිළිබද එකඟ නොවන්නීය. වනාන්තරය සිය වාස භවන වී තිබියදී සහ වැදි දෙටුවන් රැසක් සිටියදී, ද්වන්ද සටනකට පැමිණි වැදි රජු ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් අයකු ලෙස ඈ දකින්නීය. “ඔහුට සමාව දෙනු මැනවී” ඇය කරන ඉල්ලීමෙන්, මනමේ රජු තිගැස්සෙයි. මේ සමඟම ඔහුගේ ග්‍රහණය ලිහිල් වන අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් වැදි රජ වහා ඔහුගෙන් මිදී බිසව අතින් කඩුව ගෙන මනමේ රජුට ඇන ඔහු මරයි.

කුමරිය වැදි රජුට දෝෂාරෝපණය කරන අතර වැදි රජු නිදහසට කරුණු දක්වයි. වන අරණේ වෙන සරණක් තමන්ට නැති බවත් වැදි රජු තමන්ට ප්‍රිය බවත් දකින කුමරිය, ස්වකීය බිසව වන්නට වැදි රජු කරන ඉල්ලීම පිළි ගනී. දෙදෙනා මෙලෙස ගමන් කරන අතර වැදි රජු තමන් කෙරෙහි බැදි ආලයෙන් බොලද වන මනමේ කුමරිය, ඔහුගේ සිත ගැන්ම පිණිස කරණ ප්‍රකාශයකින් වැදි රජු සසල වෙයි.

“මනමේ රජු ඔබ – ගෙල සිද ලන්ටා කඩුව ඉල්ලූ සද ඔහු වළකන්ටා කල තැත දුටුවද – ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ – අතටම දෙන්ටා”

සිය දක්ෂකම යටපත් කරමින් සහ සිය බිරිද වෙනුවෙන් සටන් කළ ධීර සැමියා අමතක කර කියනා මෙවදනින් අන්දමන්ද වන වැදි රජ විසින් කුමරිය ප්‍රතික්ෂේප කරනු ලැබෙයි.කුමරිය නොයෙක් ආයාචනා කලද නොනැවතින වැදි රජ, ඈ තනි කර දමා යයි. තනි වූ බිසව පසුතැවිල්ල දරා ගත නොහැකිව ළය පැළී මිය යයි.

“ගැමි ජනතාව අතර ප්‍රකට වූ මනමේ කථාව මා නාට්‍යයක ස්වරූපයෙන් ඉදිරිපත් කලේ එම බිසව චපල ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීමේ අදහසින් නොවේ. එහෙත් මගේ අදහස වූයේ බිසව අහිංසක ස්ත්‍රියක ලෙස නිරූපණය කිරීම ය. සිදු වූ දෙයින් ඇය තිගැස්සුණාය. අන්දුන්කුන්දුන් වූවාය. ඒ අවස්ථාවෙහි ඇයට පිහිට වීමට සිටියේ වැදි රජු පමණි. එබැවින් ඇය ඔහුට සමීප වූවාය. තමා අනාථ වූ බැවින් අන්දුන්කුන්දුන් වී වැදි රජු වෙත තම සහාය දැක්වූවා ය. මුළු නාට්‍යයෙන්ම කියවෙන්නේ මනුෂ්‍යයාට අනපේක්ෂිතව සිදු විය හැකි අභාග්‍ය ගැනය. මනුෂ්‍ය ජීවිතයෙහි මෙබදු අනපේක්ෂිත අභාග්‍ය සිදු විය හැකි හෙයින් මනුෂ්‍ය ඉරණම වෙත ප්‍රේක්ෂකයා කම්පා වනු ඇතැයි මම සිතුවෙමි. මනුෂ්‍ය ලෝකයෙහි මෙවැනි අභාග්‍ය ඉරණමක් කෙනෙකුට අත් විය හැකි බව දැක්වීමය, මගේ අදහස වූයේ. එනම් ජීවිතයෙහි අනිත්‍යය මෙන්හි කිරීමට ප්‍රේක්ෂකයාට තුඩු දීමය. ” (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : මනමේ නාටකය)

Information Source: wikipedia (Educational Purpose)

Sarachchandra Open-Air Theatre (සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ

කෙටි කතා (Short Stories)

  • කාලයාගේ ඇවෑමෙන් (1969)
  • මායං රූපය (1974)
  • රූප සුන්දරී (1984)
  • මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993)
  • රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970)
  • මිතුරෙකුගේ මරණය (1981)

ගවේෂණ (Research)

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

නාට්‍යය (Drama)

  • මුදලාලිගේ පෙරළිය 1943
  • කපුවා කපෝති 1945
  • හැංගි හොරා 1949
  • බහින කලාව 1951
  • වලහා, මඟුල් ප්‍රස්තාව සහ මැනේජර් 1951
  • පබාවතී 1952
  • වෙද හටන 1953
  • රත්තරන් 1954
  • මනමේ (Maname) 1956
  • කදා වළලු 1958
  • එලොව ගිහින් මෙලොව ආවා 1959
  • හස්ති කාන්ත මන්තරේ – 1960
  • වෙල්ල වැහුම් – 1960
  • ඒකට මට හිනා හිනා – 1961
  • සිංහබාහු – 1961
  • පේමතෝ ජායතී සෝ කෝ – 1969

නවකතා (Novels)

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

Reference(s): Sunday Times | Sunday Observer | Wikipedia

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top