Gal Lena Bindala Lyrics

Gal Lena Bindala Lyrics

Reading Time: 3 minutes
5/5 - (15 votes)

Gal Lena Bindala from the Sinhabahu stage play is a very popular song that reflects the lamentation of the lion. The great dramatist Prof. Ediriweera Sarachchandra’s Sinbahahu was staged for the first time in Peradeniya on August 31, 1961. Sinhabahu, the stylish drama produced by Prof. Ediriweera Sarathchandra, is a landmark in the history of Sri Lankan theatre.

Professor Ediriweera Sarachchandra’s play ‘Sinhabahu’ was staged for the first time at the open air theatre of the Peradeniya University in Peradeniya, Sri Lanka, in September 1961. Like his 1956 masterpiece ‘Maname’, which he described as the final product of research he had carried out to discover a mode of drama most appropriate for the aesthetic sensibility of Lankan playgoers, this was his next play and the outcome of serious scholarship and professionalism.

සිංහබාහු වේදිකා නාට්‍යයේ එන ගල් ලෙන බිඳලා (Gal Lena Bindala) ගීතය සිංහයාගේ වැලපීම පිළිඹිඹු කරන ඉතා ජනප්‍රිය ගීතයකි. සරත්චන්ද්‍රයන්  සිංහබාහු නාට්‍යයට  සිංහල ජාතියේ උපත පිළිබඳ ජනප්‍රවාදය තේමා කොට ගත්තද මෙම කතා පුවත දෘශ්‍ය කාව්‍යයට නැංවීමේදී මුල්ම බීජය එතුමන්ගේ සිත්හි ජනිත වූයේ මහා වග්ග පාලියේ එන සුදොවුන් රජතුමා බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් බව ප්‍රකට කරුණකි.

“පුත්‍ර ප්‍රේමය වනාහී හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුළු තෙක් කිඳා බැස එහි රැඳී සිටී”

යන්නය. මෙය සරච්චන්ද්‍රයන් අතින් සිංහබාහු කතා පුවත තුළින් දෘශ්‍ය කාව්‍යයකට නැංවෙන්නේ මානුෂික සහ සම්බන්ධතාවන් හා ගැටලු විශ්ව සාධාරණ ගුණයෙන් පරිසමාප්තියට පත් කරමින්ය.

පුතු සෙනේ මස් නහර  හම සිඳ

ඇට සොයා ගොස් ඇට තුළට වැද

ඇටමිදුළු මත රඳා සිට

දුක් දෙයි නිබන්දා. . .”

දාරක සෙනෙහස පසුබිම් කොට පිය – පුතු  ගැටුම සිංහබාහු කතාව තුළින් සරච්චන්ද්‍රයෝ මානව නිරූපණය කරයි.

මනමේ හි මෙන් ආකස්‌මික බලවේගයන්ට ගොදුරු වීමක්‌ හෝ හදිසියේ ගන්නා තීරණයක්‌ නිසා නොව සිංහබාහු හි චරිත ක්‍රියා කරන්නේ ඔවුන් සිතා මතා ගන්නා තීරණ මතය. එබැවින් සිංහබාහු වඩාත් ප්‍රායෝගික අත්දැකීමක්‌ රසිකයා හමුවට ගෙන ඒමට සමත් වේ. මෙසේ නිර්මිත සිංහබාහු නාටකයේ තම නාඹර පුතුගේ අභිලාෂයන් පිළිබඳව අනවබෝධයෙන් යුත් සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පියකු සේ නිරූපිත එහෙත් අඹු-දරු සෙනෙහසින් නොඅඩු සිංහයා මෙන්ම දාරක ප්‍රේමය හා ස්‌වාමි භක්‌තිය අතරමැදි වී කටයුතු කරන සුප්පා දේවිය ද තම උරුමය සොයා යන සිංහබාහු ද යන චරිත තුළින් සරච්චන්ද්‍රයන් පරිසමාප්තියට පත් කරන මෙම අසාමාන්‍ය දෘශ්‍ය කාව්‍ය පවුල් සංස්‌ථාව විපරීතභාවයට බඳුන් වන වත්මන් සමාජයේද හදවත් සසල කිරීම අරුමයක්‌ නොවේ.

සිංහබාහු නාට්‍යය මගින් ඉදිරිපත් කෙරෙන මානව සබඳතා පාදක කර ගනිමින් වත්මන් සමාජ සන්දර්භය තුළ පවතින පිය – පුතු සම්බන්ධය විශේෂ කොට  ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතියමාන කිරීමට සරච්චන්ද්‍රයන් ගත් උත්සාහය අති විශිෂ්ඨය. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව  කුඩා පිරිමි දරුවකු සිය ළමා කාලය තුළ වැඩි වශයෙන් ආකර්ෂණය වන්නේ මවටය. ඔහු පෙන්වා දෙන්නේ කුඩා කළ පිරිමි දරුවා තුළ මව කෙරෙහි ඇති මෙම සබඳතාව වැඩි වියට පත් විට පියාගේ ආධිපත්‍ය නිසා කිසියම් ගැටලුකාරී තත්වයකට එළඹෙන බවයි. එනම් සිය පියා කෙරෙහි නොරිස්සුම් සහගත හැඟීමක් පිරිමි දරුවා තුළ ඇති වෙයි. පිය-පුතු සබඳතාව සෑම විටම විකාශනය වන්නේ මේ සංකීර්ණ තත්වයන් යටතේය. සිංහබාහු නාට්‍ය මගින් ප්‍රේක්ෂකයා වෙත ප්‍රබල ලෙස මේ ගැටුම නිරුපණය කිරීමට සරච්චන්ද්‍රයන් උත්සුක වී ඇති බවක් දක්නට ලැබේ.

උපුටාගනීමකි.

Related Post: Sinhabahu Drama by Prof. Ediriweera Sarachchandra

About Sinhabahu Drama (සිංහබාහු නාට්‍යය පිළිබඳව )

Gal Lena Bindala (ගල් ලෙන බිඳලා)

නාට්‍යය: සිංහබාහු
නාට්‍යය රචනය: මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ප්‍රධාන චරිත: සිංහයා, සුප්පා දේවිය, සිංහබාහු, සිංහ සීවලී
මුලාශ්‍රය: මහාවංශයේ සඳහන් සිංහල ජාතිය බිහි වීම පිළිබඳ කතා පුවත යි.
මුල් දර්ශණය: 1961 අගෝස්තු 31 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟ මඩලෙහි

Gal Lena Bindala Lyrics | ගල් ලෙන බිඳලා ගේය පද

මවගෙන් තම උරුමය දැන ගන්නා සිංහබාහුට අවශ්‍ය වන්නේ වනයේ ජිවිතයට සමු දී රජ සැප සොයා යන්නටය. ඒ වෙනුවෙන් ගල්ලෙන සිර කර ඇති ලෙන් දොර බිඳ මවත් නැගණියත් සමග පියාගෙන් මිදී යාමට ඔහු ක්‍රියා කරයි. ආදරණිය බිරිඳත්, දරු දෙදෙනාත් වෙනුවෙන් අපරිමිත සෙනෙහසක් හදෙහි දරා සිටි සිංහ තෙම වනයේ පළ වැල නෙලා පැමිණෙන විට ලෙන් දොර බිඳ ඇති බව දැක වියරුවෙන් කෑ ගසයි. එය ආදරය. සෙනෙහසින් පිරි ප්‍රිය විප්පයෝගය නිසාවෙන් හට ගත්තකි.

ගල්ලෙන බිඳලා
ලෙන්දොර ඇරලා
සිංහබා සිංහබා සිංහබා
මා සොදුර මා සොදුර මා සොදුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා
ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන
නැතේ කිසිවෙක්
මම දැන ගතිමි
මම සැක කලෙමි
සිංහබා සිංහබා සිංහබා
ලෙන තුල නොවෙති
පෙරලා නොඑති
මම දැන ගතිමි
මම සැක කලෙමි

සුරතල් දියණිය මොලකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
සුරතල් දියණිය මොලකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විඳ
අසන්නිය සොයන්නිය
කවන්නිය පොවන්නිය
මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විඳ
අසන්නිය සොයන්නිය
ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
සොහොයුරානම් ඔල මොල ගති ඇත
නුඹ මෙන් මෘදු නැත
සොහොයුරානම් ඔල මොල ගති ඇත
නුඹ මෙන් මෘදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී.

Affiliate Disclosure: As an Amazon Associate, I earn from qualifying purchases. This blog post may contain other affiliate links as well, through which I earn commissions at no extra cost to you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

EDU HELP OFFICIAL

Scroll to Top